Watch : එම් අයි එමිරේට්ස් පිලට එරෙහිව ලහිරු කුමාර බිද හෙලූ කඩුලු 2

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන International League T20 හෙවත් 20යි 20 ජාත්‍යන්තර ලීගයේ 11 වැනි තරගයෙන් අබුඩාබි නයිට් රයිඩර්ස් කණ්ඩායම පරදා කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට එම් අයි එමිරේට්ස් කණ්ඩායම අද(21) සමත් වුණා.

අබුඩාබි හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 170 ක් ලබා ගත්තා.

ධනංජය ද සිල්වා ලකුණු 65 ක් පන්දු 40 කින් වාර්තා කළ අතර, චරිත් අසලංක ලකුණු 23 කට දැවී ගියා. සුනිල් නරේන් නොදැවී ලකුණු 28 යි.

පන්දු යැවීමේ දී ෆසල්හක් ෆරූකි හා සහූර් ඛාන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එමිරේට්ස් පිල ඉනිමේ අවසන් පන්දුවේ දී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5 ක් දැවී සිටියදීයි.

ඇන්ඩ්‍රි ෆ්ලෙචර් ලකුණු 53 ක් ලබා ගත්තා. නජිබුල්ලාහ් සඩ්රාන් නොදැවී ලකුණු 35 ක් ද, කයිරන් පොලාඩ් ලකුණු 31 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර ලකුණු 34 කට කඩුලු 2 ක් බිද හෙලුවා.(දර්ශන පහතින්)

තරගය ජය ගැනීමට ඉනිමේ අවසන් පන්දුවාරයට ලකුණු 20ක් ලබා ගත යුතුව තිබූ අතර, අන්ඩ්‍රි රසල් යොමු කළ අවසන් පන්දුවාරයේ දී ඩ්වේයන් බ්‍රාවෝ හා නජිබුල්ලාහ් සඩ්රාන් ලකුණු 25 ක් වාර්තා කරමින් තරගයේ ජය සිය කණ්ඩායමට හිමි කර දුන්නා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...