Watch : නවසීලන්ත ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 15 කට දැවී ගිය හැටි

Date:

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද(21) දහවල් රායිපූර්හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිට් ෂර්මා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව නවසීලන්තයට ලබා දුන්නා.

කෙසේ වෙතත්, පන්දුවට පහර දීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 34.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 108 ක් පමණයි.

ග්ලේන් පිලිප්ස් ලකුණු 36 ක් ද, මිචෙල් සැන්ට්නර් ලකුණු 27 ක් ද, මයිකල් බේස්වෙල් ලකුණු 22 ක් ද රැස් කළා.

නවසීලන්ත ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 15 ක් තුළ දැවී යාම කැපී පෙනුණා.

එහිදී ෆින් ඇලන් ලකුණු නොලබාත්, ඩෙවෝන් කොන්වේ ලකුණු 7කටත්, හෙන්රි නිකල්ස් ලකුණු 2 කටත්, ඩැරල් මිචෙල් හා නායක ටොම් ලේතම් එක් ලකුණු බැගින් ලබා සිටියදීත් දැවී ගියා.

පන්දු යැවීමේ දී මොහමඩ් ෂාමි කඩුලු 3 ක් දවා ගත් අතර, හර්ඩික් පාන්ඩ්යා හා වොෂින්ටන් සුන්දර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පළමු කඩුලු 5 දැවී ගිය අයුරු පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...