Watch : කෙනාර් ලුවිස් එල්ල කළ LPL තරගාවලියේ දැවැන්තම හයේ පහර

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී පිතිකරුවෙකු මෙතෙක් එල්ල කළ දිගම හයේ පහර එල්ල කිරීමට කැන්ඩි වොරියර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කෙනාර් ලුවිස් අද(17) සමත් වුණා.

තරගාවලියේ 20 වැනි තරගයේ දී කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට එරෙහිවයි ඔහු මෙම දක්ෂතාවය දක්වනු ලැබු‍වේ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කලම්බු ස්ටාර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 182ක් ලබා ගත්තේ කඩුලු 6ක් දැවී සිටියදීයි.

අනතුරුව වොරියර්ස් කණ්ඩායම වෙනුවෙන් පිළිතුරු ඉනිම ආරම්භ කළේ කෙනාර් ලුවිස් සමගින් මිනෝද් භානුක.

ඉනිමේ පළමු පන්දුවාරයේ දී ම කෙනාර් ලුවිස් විසින් දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් මෙවර තරගාවලියේ දිගම හයේ පහරේ වාර්තාව තමන් සතු කර ගත්තේ ජෙෆ්රි වැන්ඩර්සේ යොමු කළ පන්දුවකට එරෙහිවයි.

එම හයේ පහරේ දිග සටහන් වුණේ මීටර් 113ක් ලෙසයි.

මීට පෙර දිනේෂ් චන්දිමාල් විසින් මීටර් 105ක් දුරකට හයේ පහරක් එල්ල කරමින් තරගාවලියේ දිගම හයේ පහරේ වාර්තාව සිය නම ඉදිරියේ සටහන් කර ගෙන තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...