වැන්ඩර්සේගේ වාර්තාගත පන්දු යැවීමෙන් අසරණ වූ වොරියර්ස් පිල තරගාවලියෙන් ඉවතට

Date:

කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ පා දග පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේගේ සුපිරි පන්දු යැවීම හමුවේ අසරණ වූ කැන්ඩි වොරියර්ස් කණ්ඩායම මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් කරමින් තරගාලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම අද(17) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගාවලියේ 20 වැනි තරගය, එනම් මූලික වටයේ අවසන් තරගයෙන් ස්ටාර්ස් කණ්ඩායම ජය වාර්තා කළේ ලකුණු 58කින්.

තරගය ජය ගැනීම සදහා ලකුණු 183ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය වොරියර්ස් කණ්ඩායමට පන්දුවාර 17ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 124ක් පමණයි.

රවී බොපාරා ලකුණු 47ක් ද, කෙනාර් ලුවිස් ලකුණු 21ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී ලංකා ප්‍රිමියර් ලීග් තරග ඉතිහාසයේ හොදම පන්දු යැවීමේ වාර්තාව තම නම ඉදිරියේ සටහන් කරමින් ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 25කට කඩුලු 6ක් බිද හෙලීමට සමත් වීම කැපී පෙනුණා.

සීක්කුගේ ප්‍රසන්න ද ලකුණු 27කට කඩුලු 2ක් දවා ගත්තා.

වොරියර්ස් කණ්ඩායමේ ආරාධනයෙන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ස්ටාර්ස් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 182ක් ලබා ගත්තේ කුසල් ජනිත් පෙරේරා වාර්තා කළ ලකුණු 58(38)න් ශක්තිමත් වෙමින්.

දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 44(29)ක් හා ධනංජය ද සිල්වා ලකුණු 40(28)ක් රැස් කළා.

පන්දු යැවීමේ දී නිමේෂ් විමුක්ති ලකුණු 24කට කඩුලු 3ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...