Watch : කිසිදු ලකුණක් ලබා නොදී ලොකී ෆර්ගසන්ගෙන් ලෝක වාර්තාවක්

Date:

විස්සයි 20 ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ දී කිසිදු ලකුණක් ලබා නොදී සිය පන්දුවාර 4 යවා නිමා කරමින් ලෝක වාර්තාවක් සම කිරීමට නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ලොකී ෆර්ගසන් අද(17) සමත් වුණා.

ඒ, 2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැපුවා නිව් ගිනියාවට එරෙහිව ට්‍රිනිඩෑඩ්හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ තරගයේ දී යි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පැපුවා නිව් ගිනියාව පන්දුවාර 19.4 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 78 ක් පමණයි.

සුපිරි පන්දු යැවීමක නිරත වූ ලොකී ෆර්ගසන් සිය පන්දුවාර හතරම නිලකුණු පන්දුවාර ලෙස යොමු කරමින් කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වීම කැපී පෙනුණා.

මීට පෙර කැනඩාවේ Saad Bin Zafar විසින් 2021 වසරේ දී ද පැනමාවට එරෙහිව පැවැති තරගයකදී මේ ආකාරයෙන් සිය පන්දුවාර 4 කිසිදු ලකුණක් ලබා නොදී යවා අවසන් කර තිබුණා.

ඒ අනුව ෆර්ගසන් ඉතිහාසගත වුණේ 20යි 20 ජාත්‍යන්තර තරගයකදී මෙම සුවිශේෂී දක්ෂතාවය දැක් වූ ලොව දෙවැනි ක්‍රීඩකයා ලෙසයි. එමෙන්ම විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියකදී එම දක්ෂතාවය දැක් වූ පළමු ක්‍රීඩකයා වන්නේ ද ඔහුයි.

ලොකී ෆර්ගසන්ගේ පන්දුවාර 4 පහතින් නරඹන්න –

 

View this post on Instagram

 

A post shared by ICC (@icc)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...