මැතිව්ස්ගේ හයේ පහර වැළැක් වූ Engelbrecht ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

නෙදර්ලන්ත පිතිකරු Sybrand Engelbrecht ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ උපත ලද ඔහු මේ වන විට 35 වන වියේ පසුවන අතර, නෙදර්ලන්තය වෙනුවෙන් ඔහු ජාත්‍යන්තර වරම් දිනා ගත්තේ 2023 වසරේ දී යි.

Engelbrecht නෙදර්ලන්තය වෙනුවෙන් එක්දින තරග 12 ක් හා විස්සයි 20 තරග 12 ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී ඔහු එක්දින ලකුණු 385 ක් හා 20යි 20 ලකුණු 280 ක් රැස් කර තිබෙනවා.

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සමග ක්‍රීඩා කළ තරගය ඔහු ක්‍රීඩා කළ අවසන් ජාත්‍යන්තර තරගය බවට පත් වනවා.

එම තරගයේ දී ඇන්ජෙලෝ මැතිව්ස් එල්ල කළ පහරකින් අනතුරුව පන්දුව හයේ සීමාව ඉක්මවා යාම වළක්වා ගැනීම සදහා Sybrand Engelbrecht විසින් සුපිරි පන්දු රැකීමක නිරත වූ අතර, ඊට අදාළ වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ මිලියන ගණනක් නැරඹුම් ලබා ගැනීමට ද සමත්ව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...