T20 ජාත්‍යන්තර තරග ඉතිහාසයේ වේගවත්ම ශතකයේ ලෝක වාර්තාව අලුත් වෙයි

Date:

විස්සයි 20 ජාත්‍යන්තර තරගයකදී පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම ශතකය වාර්තා කිරීමට එස්තෝනියානු පිතිකරු Sahil Chauhan අද(17) සමත් වුණා.

සයිප්‍රස් කණ්ඩායම සමග පැවැති තරගයකදී ඔහු මෙම ලෝක වාර්තාව පිහිටුවනු ලැබුවේ පන්දු 27 කින් සිය ශතකය සම්පූර්ණ කරමින්.

එම තරගයේ දී ඔහු පන්දු 41 කින් නොදැවී වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 144 ක්. ඔහු විසින් බිද දමන ලද්දේ පසුගිය පෙබරවාරි මාසයේ දී නැමීබියාවේ Jan-Nicol Loftie Eaton විසින් පන්දු 33 කින් ශතකයක් වාර්තා කරමින් පිහිටුවා තිබූ ලෝක වාර්තාවයි.

Sahil Chauhan පන්දු 27 කින් වාර්තා කළ ශතකය විස්සයි 20 තරගයකදී ද (ජාත්‍යන්තර හෝ ජාත්‍යන්තර නොවන) වාර්තා වූ වේගවත්ම ශතකය වීම කැපී පෙනෙනවා.

මීට පෙර ක්‍රිස් ගේල් විසින් 2013 වසරේ අයි.පී.එල් තරගාවලියේ දී පන්දු 30 කින් ශතකය වාර්තා කරමින් විස්සයි 20 තරගයක වේගවත්ම ශතකයේ වාර්තාව පිහිටුවා තිබුණා.

මේ අතර, Sahil Chauhan අද වාර්තා කළ ලකුණු 144 ට හයේ පහර 18 ක් හා හතරේ පහර 6 ක් ඇතුළත් වූ අතර, ඒ අනුව විස්සයි 20 ජාත්‍යන්තර තරගයකදී පිතිකරුවෙකු එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ ලෝක වාර්තාවද ඔහු විසින් බිද දමනු ලැබුවා.

මීට පෙර ඇෆ්ඝනිස්තානයේ හස්රතුල්ලාහ් සසායි හයේ පහර 16 ක් එල්ල කරමින් එම වාර්තාවට හිමිකම් කියා තිබුණා.(අයර්ලන්තයට එරෙහිව 2019 වසරේ දී)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...