Watch : උණසුම් තත්ත්වයෙන් පසු පරාග්ට අතට අත දීමත් හර්ෂාල් පටෙල් ප්‍රතික්ෂේප කරයි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ(26) පූනේ හී දී පැවැති 39 වැනි තරගය අතරතුර දී යම් උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

මෙම තරගය පැවැත්වුණේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතරයි.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් රාජස්ථාන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 144ක් රැස් කළා.

රියාන් පරාග් පන්දු 31කින් නොදැවී ලකුණු 56 ක් ලබා ගනිමින් රාජස්ථාන් ඉනිම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වුණේ හයේ පහර 4ක් හා හතරේ පහර 3ක් ද සිය ඉනිමට ඇතුළත් කරමින්.

රාජස්ථාන් ඉනිමේ අවසන් පන්දුවාරය හර්ෂාල් පටෙල් විසින් යොමු කළ අතර, එම පන්දුවාරයේ දී ලකුණු 18ක් රැස් කිරීමට පරාග් සමත් වුණා.

රාජස්ථාන් ඉනිම අවසානයේ දී යි රියාන් පරාග් හා බැංගලෝර් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක හර්ෂාල් පටෙල් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණේ.

අනතුරුව සෙසු ක්‍රීඩකයින් පැමිණ තත්ත්වය සමථයකට පත් කිරීමට කටයුතු කළා.

මෙම තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 29ක ජයක් වාර්තා කිරීමට සමත් වූ අතර, තරගය අවසන් වීමෙන් පසුව ද හර්ෂාල් පටෙල්ගේ හා රියාන් පරාග්ගේ හැසිරීම් තුළින් සනාථ වූයේ ඔවුන් දෙදෙනා අතර ඇති වූ උණුසුම් තත්ත්වය තවමත් සම්පූර්ණයෙන් සමථයකට පත්ව නොමැති බවයි.

ඊට හේතු වූයේ තරගයෙන් පසුව ක්‍රීඩකයින් එකිනෙකාට ආචාර කිරීම සදහා අතට අත ලබා දීමේ දී රියාන් පරාග් වෙත අතට අත දීම ප්‍රතික්ෂේප කිරීමට හර්ෂාල් පටෙල් කටයුතු කිරීම හේතුවෙන්. (ඇති වූ උණුසුම් තත්ත්වය හා හර්ෂාල් පටෙල් විසින් අතට අත දීම ප්‍රතික්ෂේප කළ ආකාරය ඇතුළත් වීඩියෝ පහතින් නරඹන්න)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...