ශ්‍රී ලංකා තරගාවලියට නොතේරුණාට දොස් නැගූ වේග පන්දු යවන්නාට වැඩ වරදියි

Date:

බංග්ලාෙද්ශ වේග පන්දු යවන ක්‍රීඩක අබු ජෙයිඩ් විභාග කිරීමක් සදහා කැදවීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාව සමග ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතයට ඔහුව ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පල කරමින් අබු ජෙයිඩ් සිදු කර ඇති ප්‍රකාශයක් හේතුවෙන්.

මද වේග පන්දු යවන්නන් වෙනුවට ඉතා වේගයෙන් පන්දු යැවිය හැකි වේග පන්දු යවන්නන් කෙරෙහි මේ වන විට බංග්ලාදේශ තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇති බව සදහන්.

කෙසේ වෙතත්, තේරීම් කමිටුවේ එම ස්ථාවරය විවේචනයට ලක් කරමින් අබු ජෙයිඩ් පසුගියදා ක්‍රික්බස් වෙබ් අඩවිය වෙත ප්‍රකාශයක් සිදු කර තිබුණා.

“මීර්පූර්හි පැවැති අවසන් ටෙස්ට් තරග දෙකේ දී මම කඩුලු 10ක් දවා ගෙන තියෙනවා මේ වේගයෙන් පන්දු යවලා.” යනුවෙන් ඔහු කියා සිටියා.

“මම හිතන්නේ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ වේග පන්දු යැවීම නෙවෙයි.මේ කාරණය සම්බන්ධයෙන් තවත් කතාවක් තිබිය හැකියි”

“මෙම වේගයත් සමඟ මම තරග 13කදී කඩුලු 30ක් දවාගෙන තියෙනවා. මෙවැනි අවබෝධයක් හදිසියේම ඇති වූයේ කොහෙන්දැයි මට තේරෙන්නේ නැහැ. අද කාලයේ වේගයට පමණක් සාර්ථක වෙන්න බැහැ. දෝලනයත් අවශ්‍යයි.”

අබු ජෙයිඩ් අවසන් වරට ක්‍රීඩා කළ ටෙස්ට් තරග තුනේ දී ම (ශ්‍රී ලංකාවට හා පාකිස්තානයට එරෙහිව) කඩුලු දවා ගැනීමට සමත් වූයේ නැහැ.

නිමා වූ නවසීලන්ත හා දකුණු අප්‍රිකා සංචාර සදහා වන සංචිත සදහා ද ඔහු ඇතුළත්ව සිටි නමුත්, ඔහුට කිසිදු තරගයක් ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...