මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයේ දී ඉන්දීය ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 2 ක් තුළ දවා ගැනීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් අද(8) සමත් වුණා.
ඉෂාන් කිෂන්, රෝහිත් ෂර්මා හා ෂ්රෙයස් අයියර් යන පිතිකරුවන් එලෙස දැවී ගියේ පන්දුවාර 2 ක් ඇතුළතයි.
මිචෙල් ස්ටක් පළමු කඩුල්ල දවා ගත් අතර, සෙසු කඩුලු දෙක ජොෂ් හේසල්වුඩ් විසින් දවා ගැනීමට සමත් වුණා.
දැවී ගිය පිතිකරුවන් තිදෙනාම කිසිදු ලකුණක් ලබා ගැනීමට සමත් වුණේ නැහැ.
චෙන්නායි හි පැවැත්වෙන මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 49.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 199 ක් ලබා ගත්තා.
ඉන්දීය ඉනිමේ පළමු කඩුලු 3 පහතින් නරඹන්න –
India three wickets down in the first two overs!#WorldCup2023 #INDvsAUS pic.twitter.com/g3Gr9gLfL5
— Sooraj Cricket (@SoorajCricket) October 8, 2023

