Watch : ඉන්දු-ඔස්ට්‍රේලියා තරගය අතරතුර ක්‍රීඩාංගනයට කඩා වැදුණු Jarvo ට වැඩ වරදියි

Date:

තරග අතරතුර දී ක්‍රීඩාංගන තුළට කඩා වදින්නෙකු ලෙස ප්‍රකට Daniel Jarvis හෙවත් Jarvo ට මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග නැරඹීම තහනම් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

ඒ, අද(8) චෙන්නායි දී ආරම්භ වූ ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර තරගය අතරතුර දී Daniel Jarvis ආරක්ෂක සීමා බිද දමමින් ක්‍රීඩාංගනය තුළට කඩා වැදීමේ සිද්ධියත් සමගයි.

තරගය සදහා ඉන්දීය ක්‍රීඩකයින් ක්‍රීඩාංගනය තුළට පැමිණ සුළු වේලාවකින් ඔහු එලෙස ක්‍රීඩාංගනයට කඩා වැදී තිබුණා.

එහිදී ඔහු ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි ආසන්නයට ළගා වන අයුරුද දක්නට ලැබුණා.

කෙසේ වෙතත්, පසුව ආරක්ෂක නිලධාරීන් විසින් ඔහුව ක්‍රීඩාංගනයෙන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගනු ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...