පන්දු යවන්නන්ට මෙහෙම වුණේ ඇයි? සධීර කරුණු පහදයි

Date:

පිතිකරුවන්ට යෝග්‍ය තණතීරු ශ්‍රී ලංකාවේ දී පැවැති තරග සදහා ලැබී තිබුණේ නම් පන්දු යවන්නන් ඉන්දියාවේ දී මෙවැනි අපහසුතාවයකට පත්නොවන බව ශ්‍රී ලංකා මැද පෙල පිතිකරු සධීර සමරවික්‍රම පවසනවා.

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයෙන් දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 102 ක පරාජයක් ලැබීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් සධීර මේ බව කියා සිටියා.

දිල්ලි හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 5 ක් දැවී ලකුණු 428 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට පන්දුවාර 44.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 326 ක් පමණයි.

ශ්‍රී ලංකා පිතිකරුවන් ද පිතිකරුවන්ට යෝග්‍ය මෙවැනි තණතීරුවල ශ්‍රී ලංකාවේ දී ක්‍රීඩා කර නොතිබීම ඉන්දීය තණතීරුවලදී දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් වාර්තා කිරීම සදහා බාධාවක් වී ඇති බව සධීර පෙන්වා දෙනවා.

“කණ්ඩායමක් විදිහට පන්දු යැවීමේ පැත්ත ගැන සතුටු වෙන්න අමාරුයි. තණතීරුව බලද්දි ඉතාමත් හොද තණතීරුවක්. අපි වැඩිපුර එක තැනකට බෝල් කරගෙන හිටිය එක අඩුයි අපි කණ්ඩායමක් විදිහට. මේ වගේ තණතීරුවල පොඩි අත්වැරදීමකටත් හතරේ හයේ ඒවා ගහනවා. මම හිතන්නේ ඉවසීමෙන් තව පොඩ්ඩක් බෝල් කරානම් මීට වඩා අඩු ගානකට අපිට තියාගන්න තිබ්බා.” යනුවෙන් සධීර සමරවික්‍රම සදහන් කළා.

“ලංකාවෙ අපි සෙල්ලම් කරද්දි ගොඩක් දග කැවෙන තණතීරුවල අපි ගැහුවෙ. ඉතිං ඒවගේ අපිට ගොඩක් ලකුණු හඹා යන්න තිබුණෙත් නෑ, අපි මුළින් ගහද්දිත් වැඩි ලකුණු ලබා ගත්තෙත් නෑ. ඉතිං මේ වගේ හොද තණතීරු අපිට ලංකාවෙත් නිතරම හම්බෙනවනම් පන්දු යවන්නන් මෙතන්ට ඇවිල්ලා පුදුම වෙන්නේ නෑ. ඉතිං මම හිතනවා මේ වගේ තණතීරු අපිට ලංකාවෙත් ඉදිරි කාලයේ දී හම්බෙයි කියලා.”

ශ්‍රී ලංකා ඉනිමේ මැද භාගයේ දී අඩු කඩුලු සංඛ්‍යාවක් දැවී ගියේනම් දකුණු අප්‍රිකාව ලබා ගත් ලකුණු සංඛ්‍යාව ආසන්නයට ළගා වීමට හෝ තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව තිබූ බව ද සධීර මෙහිදී සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...