Watch : ඇෆ්ඝනිස්තාන පන්දු යවන්නන් අසරණ කළ මෙන්ඩිස්ගේ සුපිරි හයේ පහර 9 මෙන්න

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර පුහුණු තරග පැවැත්වෙන අවසන් දිනය අදයි (3).

අද දිනයේ දී පුහුණු තරග 3 ක් පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර තරගය මේ වන විට ගුවහාටිහී දී පැවැත්වෙනවා.

නායක දසුන් ශානක ආබාධයකින් පසුවන බැවින් ඔහුව මෙම තරගයෙන් විවේක ගැන් වූ අතර, කුසල් මෙන්ඩිස් වැඩබලන නායකයා ලෙස කටයුතු කරනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානය පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිතිකරණය සදහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කිරීමට කුසල් මෙන්ඩිස් සමත් වුණා.

එක්දින ජාත්‍යන්තර ශතකයක් කලකින් වාර්තා කිරීමට නොහැකි වී සිටින මෙන්ඩිස් මෙම ඉනිමේ දී පන්දු 87 කින් වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 158 ක්.

දැවැන්ත හයේ පහර 9 ක් හා හතරේ පහර 19 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

181.60 ක ප්‍රහාරාත්මක වේගයක් සමග පන්දුවට පහර දෙමින් සිටි ඔහු සෙසු පිතිකරුවන්ට ද අවස්ථාවක් ලබා දෙමින් පිටියෙන් ඉවත් වීමට තීරණය කළේ ඉනිමේ 30 වැනි පන්දුවාරය අවසන් වීමත් සමගයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...