පාකිස්තානය අවසන් පූර්ව වටයට ; ශ්‍රී ලංකාවත් හෙට පෙරවරුවේ තරග බිමට

Date:

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පන්දුවාර 20යි 20 පිරිමි ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට පාකිස්තාන කණ්ඩායම අද(3) සමත් වුණා.

ඒ, තරගාවලියේ දෙවැනි අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් හොංකොං පරදා ලකුණු 68 ක ජයක් වාර්තා කරමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 160 ක් ලබා ගත්තා. ඒ, ඉනිමේ 5 වැනි කඩුල්ල ලකුණු 54 දී බිද වැටුණු පසුබිමකයි.

ආමර් ජමාල් ලකුණු 41(16) ක් රැස් කළ අතර, අසිෆ් අලී හා අරෆට් මින්හස් ලකුණු 25 බැගින් රැස් කළා. පන්දු යැවීමේ දී අයුශ් ශුක්ලා ලකුණු 49 කට කඩුලු 4 ක් හා මොහමඩ් ඝසන්ෆර් ලකුණු 26 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හොංකොං කණ්ඩායමට පන්දුවාර 18.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 92 ක් පමණයි.

බාබර් හයට් ලකුණු 29 කට දැවී ගිය අතර, පන්දු යැවීමේ දී කුෂ්දිල් ශාහ් කඩුලු 3 ක් ද, කාසිම් අක්‍රම්, අරෆට් මින්හස් හා සුෆියන් මුකීම් කඩුලු 2 බැගින් ද බිද හෙලුවා.

තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගයෙන් නේපාලය පරදා ඉන්දියාව ජය වාර්තා කළ අතර, තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය හෙට(4) මෙරට වේලාවෙන් පෙරවරු 6.30 ට ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...