මැදපෙල දියාරු පිතිහරඹය හමුවේ දෙවැනි පුහුණු තරගයත් ශ්‍රී ලංකාව පරදියි

Date:

කුසල් මෙන්ඩිස්ගේ සුපිරි පිතිහරඹයෙන් පසුව මැදපෙල පිතිකරුවන් ප්‍රදර්ශනය කළ දියාරු පිතිහරඹය හමුවේ 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ දෙවැනි පුහුණු තරගයෙන් ද ඔවුන් අද(3) ඇෆ්ඝනිස්තානය හමුවේ ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කඩුලු 6 කින් පරාජයට පත් වුණා.

ගුවහාටි හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 46.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 294 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තාන ඉනිමට පන්දුවාර 20.5 ක් අවසානයේ දී වර්ෂාවෙන් බාධා එල්ල වුණා. අනතුරුව ඔවුන්ට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ පන්දුවාර 42 ක් තුළ තරගය ජය ගැනීමට හිමි වූ ඉලක්කය ලකුණු 257 ක්.

ඇෆ්ඝනිස්තාන කණ්ඩායම පන්දුවාර 38.1 කදී කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක් හිමි කරමින්.

රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 119(92) ක් හා රහ්මට් ශාහ් ලකුණු 93(82) ක් රැස් කර සිටියදී ඔවුන් දෙදෙනාම පිටියෙන් ඉවත්ව ගියේ සිය කණ්ඩායමට අනර්ඝ ජයක් සදහා මග පාදා දෙමින්. ගුර්බාස්ගේ ඉනිමට හයේ පහර 9ක් හා හතරේ පහර 8ක් ඇතුළත් වුණා.

ඔවුන් දෙදෙනා දෙවැනි කඩුල්ලට ලකුණු 211(151) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩබලන නායක ලෙස කටයුතු කළ කුසල් මෙන්ඩිස් පන්දු 87 කින් වේගවත් ලකුණු 158 ක් රැස් කළා. හයේ පහර 9ක් හා හතරේ පහර 19 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 30 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 240 ක් ලබා සිටි අවස්ථාවක මෙන්ඩිස් පිටියෙන් ඉවත් වීමට තීරණය කළ අතර, අනතුරුව පන්දු 98 ක් තුළ ශ්‍රී ලංකා ඉනිමේ සියලු කඩුලු තවත් ලකුණු 54 ක් තුළ දැවී යාම කැපී පෙනුණා.

සධීර සමරවික්‍රම ලකුණු 39ක්, පැතුම් නිස්සංක ලකුණු 30 ක් හා ධනංජය ද සිල්වා ලකුණු 22 ක් රැස් කළා. පන්දු යැවීමේ දී මොහමඩ් නබී ලකුණු 44 කට කඩුලු 4 ක් දවා ගත්තා.

දසුන් ශානක ආබාධයකින් පසු වීම හේතුවෙන් මෙම තරගය සදහා ක්‍රීඩා කළේ නැහැ.

මේ අතර, අද පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දියාව හා නෙදර්ලන්තය අතර තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු වුණා.

පාකිස්තානය හා ඔස්ට්‍රේලියාව අතර පුහුණු තරගයෙන් ඔස්ට්‍රේලියාව ලකුණු 14 ක ජයක් වාර්තා කළා.

හයිදරාබාද් හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 7 ක් දැවී ලකුණු 351 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානයට පන්දුවාර 47.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 337 ක් පමණයි.

මෙම තරගයේ දී ඩේවිඩ් වෝනර් විසින් යොමු කළ පන්දුවාරයක් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට ද සමත් වුණා. (එහි දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...