දසුන්ටත් ආබාධයක්, කුසල් පෙරේරා හා තීක්ෂණ ගැනත් නිවේදනයක්

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන දෙවැනි තරගය මේ වන විට ඇෆ්ඝනිස්තානයට එරෙහිව පැවැත්වෙනවා.

මෙම තරගය සදහා නායක දසුන් ශානක ක්‍රීඩා නොකරන අතර, ඔහු වෙනුවට වැඩබලන නායකයා ලෙස කටයුතු කරන්නේ කුසල් මෙන්ඩිස්.

දසුන්ගේ වම් වැලමිටෙහි ආබාධයක් සිදුව ඇති බවත්, ඔහු මේ වන විට සුවය ලබමින් සිටින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

බංග්ලාදේශය සමග පැවැති පුහුණු තරගයේ දී ඔහු මෙම ආබාධයට ලක්ව තිබෙනවා.

ඔහුට මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් සිටින බවයි ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සදහන් කළේ.

බංග්ලාදේහයට එරෙහි තරගයේ දී දකුණු උරහිසෙහි ආබාධයකට ලක් වූ කුසල් ජනිත් පෙරේරා ද මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඔහු ද ක්‍රමයෙන් සුවය ලබමින් සිටිනවා.

මේ අතර, ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා සංචිතය සමග ඉන්දියාව බලා පසුගිය 26 වැනිදා පිටත්ව නොගිය දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ හෙට(4) දිනයේ දී ශ්‍රී ලංකා සංචිතය සමග එක්වීමට නියමිතව ඇති බව ද ක්‍රිකට් ආයතනය අද තහවුරු කළා.

ශ්‍රී ලංකා – ඇෆ්ඝනිස්තාන පුහුණු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය ගුවහාටි හී දී පැවැත්වෙනවා. මෙම තරගයේ ආරම්භය වර්ෂාව හේතුවෙන් මිනිත්තු 15 කින් පමණ ප්‍රමාද වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...