සංගක්කාරට MCC සමාජයෙන් තවත් ප්‍රබල තනතුරක්

Date:

ක්‍රිකට් නීති භාරකරුවා ලෙස කටයුතු කරන මාරිලිබෝන් ක්‍රිකට් සමාජයේ (MCC) ලෝක ක්‍රිකට් කමිටුවේ (MCC World Cricket committee) නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයෙකු වන කුමාර් සංගක්කාර පත් කර තිබෙනවා.

ඒ, මෙතෙක් එම ධූරයේ කටයුතු කළ එංගලන්ත හිටපු ක්‍රිකට් නායකයෙකු වන Mike Gatting වෙනුවටයි. ඔහු එම ධූරයේ වසර හයක කාලයක් කටයුතු කළා.

2019-21 කාලයේ දී කුමාර් සංගක්කාර මාරිලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළා.

සෞරව් ගංගුලි, හේදර් නයිට්,  ජස්ටින් ලැන්ගර්, ඔයින් මෝර්ගන් හා ග්‍රැහැම් ස්මිත් වැනි හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ද ලෝක ක්‍රිකට් කමිටුව නියෝජනය කරනවා.

මේ අතර, මාරිලිබෝන් ක්‍රිකට් සමාජයේ නව සභාපතිවරයා ලෙස ප්‍රවීන විස්තර විචාරකයෙකු හා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මාර්ක් නිකලස් මේ වන විට වැඩ භාර ගෙන තිබෙනවා.

ඔක්තෝබර් පළමු වැනිදා සිට වසරක කාලයක් ඔහු එම ධූරයේ කටයුතු කිරීමට නියමිතයි.

මීට පෙර එම සමාජයේ සභාපතිවරයා ලෙස Stephen Fry කටයුතු කළා.

පසුගිය මැයි මාසයේ පැවැති වාර්ෂික මහා සභා රැස්වීමේ දී යි නව සභාපතිවරයා ලෙස මාර්ක් නිකලස් තේරී පත් වූ බවට නිවේදනය කෙරුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...