ජයිස්වාල්ගේ ශතකය ඉන්දියාව අවසන් පූර්ව වටයට ගෙන යයි

Date:

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පන්දුවාර 20යි 20 පිරිමි ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(3) සමත් වුණා.

ඒ, පළමු අර්ධ අවසන් පූර්ව තරගයේ දී නේපාලය පරදා ලකුණු 23 ක ජයක් වාර්තා කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 4 ක් දැවී ලකුණූ 202 ක් රැස් කළා.

යශස්වි ජයිස්වාල් පන්දු 49 කින් ලකුණු 100 ක් ලබා ගත්තා. හයේ පහර 7 ක් හා හතරේ පහර 8ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. රින්කු සිං නොදැවී ලකුණු 37(15) යි.

පන්දු යැවීමේ දී Dipendra Singh Airee ලකුණු 31 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාලයට පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 179 ක් පමණයි

Dipendra Singh Airee ලකුණු 32(15) ක් රැස් කළ අතර, අවේශ් ඛාන් හා රවී බිෂ්නා්යි කඩුලු 3 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...