ලෝක ශූරයින්ට හා අනුශූරයින්ට ජය

Date:

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට  පෙර පැවැත්වෙන පුහුණු තරග යටතේ ඊයේ(2) පැවැති තරගවලින් ජය ගැනීමට පසුගියවර ලෝක ශූරතාවය දිනූ එංගලන්තය හා අනුශූරතාවය දිනූ නවසීලන්තය සමත් වුණා.

එංගලන්තයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කඩුලු 4ක ජයක්

එංගලන්තය හා බංග්ලාදේශය අතර තරගය ගුවහාටි හී දී පැවැත්වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඔවුන්ගේ ඉනිමට පන්දුවාර 30 ක් අවසානයේ දී වර්ෂාවෙන් බාධා එල්ල වුණා

අනතුරුව තරගයේ එක් ඉනිමක් පන්දුවාර 37 කට සීමා කෙරුණා.

බංග්ලාදේශය නියමිත පන්දුවාර 37 අවසන් කළේ කඩුලු 9ක් දැවී ලකුණු 188 ක් ලබා ගනිමින්.

මෙහිදි හසාන් ලකුණු 74 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී රීස් ටොප්ලි ලකුණු 23 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට ජයග්‍රහනය සදහා ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 197 ක ඉලක්කයක් හිමි වුණා.

මොයීන් අලී පන්දු 39 කින් ලකුණු 56 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. ඒ, හයේ පහර 6 ක් ද සමගින්.

ජොනී බෙයාර්ස්ටව් ලකුණු 34(21) ක් ද, ජොස් බට්ලර් ලකණු 30(15) ක් ද රැස් කළා. පන්දු යැවීමේ දී මුස්ටර්ෆිසුර් රහ්මාන් කඩුලු 2 ක් දවා ගත්තා.

නවසීලන්තයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 7ක ජයක්

නවසීලන්තය හා දකුණු අප්‍රිකාව අතර තරගය තිරුවානන්තපුරම් හී දී පැවැත්වුණා.

පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 8ක් දැවී ලකුණු 321 ක් රැස් කළා.

ඩෙවෝන් කොන්වේ ලකුණු 78 ක් හා කේන් විලියම්සන් ලකුණු 37 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වුණා. ටොම් ලේතම් ලකුණු 52 යි. පන්දු යැවීමේ දී ලුන්ගි එන්ගිඩී හා මාර්කෝ ජන්සෙන් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා ඉනිමට පන්දුවාර 37 ක් අවසානයේ දී වර්ෂාවෙන් බාධෘ එල්ල වුණා. අනතුරුව තරගය යළි ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ.

ඒ වන විට දකුණු අප්‍රිකාව කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 211 ක්. ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ඔවුන් ජයග්‍රහනය සදහා ඒ වන විට ලබා සිටිය යුතු වූ ලකුණු සංඛ්‍යාව 219 ක්.

ක්වෙන්ටන් ඩී කොක් පන්දු 89 කින් නොදැවී ලකුණු 84 ක් ලබා සිටි අතර, රසී වැන් ඩර් ඩසන් ලකුණු 51 යි. පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 2 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...