Watch : ආචර්ගේ සුපිරි පන්දුවක් හමුවේ හෙඩ්ගේ මැද ඉන්න ගැලවී ගිය හැටි

Date:

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ් දවා ගැනීමට එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර් සමත් වුණා.

බාර්බඩෝස්හි Kensington Oval ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 7 ක් දැවී ලකුණු 201 ක් ලබා ගත්තා. එය මෙවර තරගාවලියේ දී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

ඔස්ට්‍රේලියානු ඉනිමේ ආරම්භක කඩුල්ල සදහා පන්දුවාර 5 ක් තුළ ලකුණු 70 ක වේගවත් සම්බන්ධතාවයක් ගොඩ නැගීමට ඩේවිඩ් වෝනර් හා ට්‍රැවිස් හෙඩ් සමත් වුණා.

වෝනර් ලකුණු 39(16) කට දැවී ගිය අතර, හෙඩ් ලකුණු 34(18) ක් රැස් කළා.

ජොෆ්ර ආචර් යොමු කළ වේගය අඩාල කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනුයි ට්‍රැවිස් හෙඩ් ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේ. (දර්ශන පහිතින්)

 

View this post on Instagram

 

A post shared by ICC (@icc)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...