එංගලන්තය පරදා ඔස්ට්‍රේලියාවට ලකුණු 36 ක ජයක්

Date:

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගයෙන් ඔස්ට්‍රේලියාව හමුවේ ලකුණු 36 ක පරාජයක් අත්විදීමට වත්මන් විස්සයි 20 ලෝක ශූර එංගලන්තයට සිදු වුණා.

බාර්බඩෝස්හි Kensington Oval ක්‍රීඩාංගනයේ දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 7 ක් දැවී ලකුණු 201 ක් ලබා ගත්තා. එය මෙවර තරගාවලියේ දී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 6 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 165 ක් පමණයි.

එංගලන්ත ඉනිමේ ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 73 (7.1) ක්. පිල් සෝල්ට් හා ජොස් බට්ලර් අතර ගොඩ නැගුණු එම සම්බන්ධතාවය සෝල්ට් ලකුණු 37(23) කට දැවී යාමත් සමග බිද වැටුණා. නායක බට්ලර් ලකුණු 42(28) ක් රැස් කළා. එම කඩුලු දෙකම දවා ගනිමින් සිය කණ්ඩායම යළි සටනට අවතීර්ණ කළේ ඇඩම් සම්පා.

විල් ජැක්ස් ලකුණු 10 කටත්, ජොනී බෙයාර්ස්ටව් ලකුණු 7කටත් දැවී ගිය අතර, මොයීන් අලී ලබා ගත්තේ ලකුණු 25(15) ක් පමණයි. ලියම් ලිවින්ග්ස්ටන් ලකුණු 15(12) කට දැවී ගියා. හැරී බෘෘක් නොදැවී ලකුණු 20(16) යි.

පන්දු යැවීමේ දී පැට් කමින්ස් හා ඇඩම් සම්පා කඩුලු 2 බැගින් දවා ගත් අතර, ජොෂ් හේසල්වුඩ් හා මර්කස් ස්ටොයිනිස් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු ඉනිමේ ආරම්භක කඩුල්ල සදහා පන්දුවාර 5 ක් තුළ ලකුණු 70 ක වේගවත් සම්බන්ධතාවයක් ගොඩ නැගීමට ඩේවිඩ් වෝනර් හා ට්‍රැවිස් හෙඩ් සමත් වුණා.

වෝනර් ලකුණු 39(16) කට දැවී ගිය අතර, හෙඩ් ලකුණු 34(18) ක් රැස් කළා. නායක මිචෙල් මාෂ් ලකුණු 35 ක්ද, මර්කස් ස්ටොයිනිස් ලකුණු 30 ක් ද, ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 28 ක් ද රැස් කළා. මැතිව් වේඩ් නොදැවී ලකුණු 17 යි. ටිම් ඩේවිඩ් ලකුණු 11 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ක්‍රිස් ජෝර්ඩන් ලකුණු 44 කට කඩුලු 2 ක් දවා ගත් අතර, මොයීන් අලී, ජොෆ්ර ආචර්, අඩිල් රෂීඩ් හා ලියම් ලිවින්ග්ස්ටන් කඩුල්ල බැගින් බිද හෙලුවා.

[team_standings 59913]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...