නෙදර්ලන්තයේ සුපිරි සටන අපතේ යයි – මිලර්ගේ 59* දකුණු අප්‍රිකාවට ජය ගෙනෙයි

Date:

ඩේවිඩ් මිලර්ගේ සටන්කාමී අර්ධ ශතකය හමුවේ දකුණු අප්‍රිකාව පරදා යළිත් විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට තිබූ අනගි අවස්ථාවක් නෙදර්ලන්ත කණ්ඩායමෙන් අද(8) ගිලිහී ගියා.

ඒ, මෙවර පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගයෙන් දකුණු අප්‍රිකාව කඩුලු 4 ක ජයක් ලැබීමත් සමගයි.

නිව් යෝර්ක් හි Nassau County ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්තය පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 9ක් දැවී ලකුණු 103 ක් ලබා ගනිමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව එක් අවස්ථාවක ලකුණු 3 කට කඩුලු 3 ක් ද, තවත් අවස්ථාවක ලකුණු 12 කට කඩුලු 4 ක් ද දැවී අසීරු තත්ත්වයක පසු වූ අතර, ඔවුන් පවර්ප්ලේ අවස්ථාව නිමා වන විට කඩුලු 4 ක් දැවී ලබා සිටියේ ලකුණු 16 ක් පමණයි.

අනතුරුව 5 වැනි කඩුල්ල සදහා ලකුණු 65 (72) ක විශිෂ්ඨ සම්බන්ධතාවයක් ගොඩ නගමින් සිය කණ්ඩායමට ජයග්‍රාහී මාවත විවර කර දීමට ඩේවිඩ් මිල්ර් හා ට්‍රිස්ටන් ස්ටබ්ස් සමත් වුණා.

ස්ටබ්ස් පන්දු 37 කින් ලකුණු 33 ක් රැස් කළ අතර, මිලර් පන්දු 51 කින් නොදැවී ලකුණු 59 ක් ලබා ගනිමින් දකුණු අප්‍රිකාවට මෙවර තරගාවලියේ දෙවැනි ජය ද හිමි කර දුන්නා. දකුණු අප්‍රිකාව ජය තහවුරු කර ගත්තේ තරගය නිමා වීමට පන්දු 7 ක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක් දැවී සිටියදීයි. මිලර්ගේ ඉනිමට හයේ පහර 4ක් හා හතරේ පහර 3 ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී Vivian Kingma හා Logan van Beek කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළේ Sybrand Engelbrecht. ඔහු පන්දු 45 කින් ලකුණු 40 ක් ලබා ගත්තා.

6 වැනි කඩුල්ල ලකුණු 48 දී දැවී ගිය නමුත්, Logan van Beek ලකුණු 23(22) ක් ලබා ගනිමින් සිය කණ්ඩායම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී Ottneil Baartman ලකුණු 11 කට කඩුලු 4 ක් දවා ගත් අතර, මාර්කෝ ජන්සෙන් හා අන්රික් නොකියා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

[team_standings 59915]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...