Watch : අම්බටි රයිදු තනි අතින් රැක ගත් සුපිරි උඩ පන්දුව

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යනු දැවැන්ත හයේ පහරවල්, සුවිශේෂී කඩුලු දවා ගැනීම් මෙන්ම විශිෂ්ඨ උඩ පන්දු රැක ගැනීම් ප්‍රේක්ෂකයින්ට දැක බලා ගැනීමට ලැබෙන තරගාවලියක් බව නොරහසක්.

පසුගිය තරග වාරවලදී මෙන්ම මෙවර තරගාවලියේ දී එවැනි අවස්ථා රැසක් මේ වන විටත් දැකබලා ගැනීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදා වුණා.

ඊයේ (12) දිනයේ දී ද එවැනි සුපිරි උඩ පන්දු රැක ගැනීමක් දැක බලා ගැනීමේ අවස්ථාව ලොව පුරා ක්‍රීඩාලෝලීන්ට උදා වුණා.

එම තරගය පැවැත්වුණේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතරයි.

මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලෝර් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 216ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලෝර් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 193ක් පමණයි.

බැංගලෝර් ඉනිම අතරතුර දී ආකාෂ් දීප්ගේ කඩුල්ල දවා ගැනීම වෙනුවෙන් අම්බටි රයිදු රැක ගත් සුපිරි උඩ පන්දුව මේ වන විට ලොව පුරා ප්‍රේක්ෂකයින්ගේ දැඩි අවධානයට යොමුව තිබෙනවා.

රවීන්ද්‍ර ජඩේජා යොමු කළ පන්දුවක් හමුවේ යි ආකාෂ් දීප් දැවී ගියේ.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...