රෝහිට් ෂර්මාගේ වාර්තාවක් තීක්ෂණ බිද දමයි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නව වාර්තාවක් පිහිටුවීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

ඒ, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව ඊයේ(12) පැවැති මෙවර තරගාවලියේ 22 වැනි තරගයේ දී යි.

මෙම තරගයේ දී විශීෂ්ඨ පන්දු යැවීමක නිරත වූ තීක්ෂණ ලකුණු 33කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා.

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ නායක ෆෆ් ඩු ප්ලෙසිස්, අනුජ් රාවත්, ශහ්බාස් අහ්මඩ් හා සුයෂ් පුභුදෙස්සායි යන පිතිකරුවන්.

මෙම දක්ෂතාවයත් සමග 21 හැවිරිදි මහීෂ් තීක්ෂණ ඉතිහාසගත වුණේ අයි.පී.එල් තරගයකදී කඩුලු 4ක් දවා ගත් ලාබාලතම පිට දග පන්දු යවන්නා ලෙසයි.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ රෝහිට් ෂර්මා විසින්.

රෝහිට් 2009 වසරේ දී ඩෙකෑන් චාර්ජර්ස් කණ්ඩායම නියෝජනය කරන අතරතුර කඩුලු 4ක් දවා ගනිමින් අදාළ වාර්තාව පිහිටවනු ලැබුවේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිවයි.

එවකට ඔහුගේ වයස සටහන් වුණේ අවුරුදු 22යි දින 6ක් ලෙසයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...