Watch : පන්දුවාරයකදී කඩුලු 6 ක් දැවී ගිය දුර්ලභ අවස්ථාව මෙන්න

Date:

පන්දු 3කින් කඩුලු 3ක් දවා ගැනීම, එනම් කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීම පන්දු යවන්නෙකුගේ සිහිනයක්.

පන්දු යවන්නන් ඇතැම් අවස්ථාවලදී එම සිහිනය සැබෑ කර ගන්නා අයුරු අප ඕනෑ තරම් දැක තිබෙනවා.

නමුත්, පන්දු 4කින් කඩුලු 4ක් දවා ගත් අවස්ථාවක් අපට දකින්නට හෝ අසන්නට ලැබෙන්නේ ඉතාම කලාතුරකින්.

එවැනි පසුබිමක එක් පන්දුවාරයක් තුළ යොමු කළ පන්දු හයේ දී කඩුලු 6ක් දැවී ගිය අවස්ථාවක් ගැනයි අද ඔබට අප තොරතුරු ගෙන එන්නේ.

මෙම දුර්ලබ සිදු වීම වාර්තා වන්නේ නේපාලයේ පැවැත්වෙන ‘Nepal Pro Club Championship’ නම් තරගාවලියේ දී යි.

තරගාවලියේ 8 වැනි තරගය Push Sports Delhi කණ්ඩායම හා Malaysia Club XI කණ්ඩායම අතර පැවැත්වුණා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් Push Sports Delhi ඉනිමේ අවසන් පන්දුවාරයේ දී යි කඩුලු 6ක් දැවී යාමේ අතිශය දුර්ලබ සිදුවීම වාර්තා වුණේ.

එම පන්දුවාරය මැලේසියාවේ Virandeep Singh විසින් යොමු කරනු ලැබුවා.

අදාළ පන්දුවාරයේ දි ඔහු විසින් කඩුලු 5ක් දවා ගත් අතර, එක් දුවද්දී දැවී යාමක් ද එම පන්දුවාරයේ දී සිදු වුණා.(දර්ශන පහතින්)

මෙම තරගයේ දී පන්දුවාර 2ක් පමණක් යොමු කළ Virandeep Singh ලකුණු 9කට බිද හෙලූ කඩුලු ගණන 5ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...