ඔස්ට්‍රේලියානු නව ප්‍රධාන පුහුණුකරු නිවේදනය කෙරේ

Date:

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඇන්ඩෘ මැක්ඩොනල්ඩ් පත් කර තිබෙනවා.

වසර 4ක කාලයක් සදහා ඔහුව එම තනතුරට පත් කර ඇති බවයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මීට පෙර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ජස්ටින් ලැන්ගර් පසුගිය පෙබරවාරි මාසයේ දී ධූරයෙන් ඉවත් වුණා.

අනතුරුව කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කළේ ද ඇන්ඩෘ මැක්ඩොනල්ඩ්.

නිමා වූ පාකිස්තාන තරග සංචාරය ද ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ සාර්ථකව නිමා කිරීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද වන මැක්ඩොනල්ඩ් එරට ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරග 4කට ක්‍රීඩා කර තිබුණා.

40 හැවිරිදි ඔහු 2019 වසරේ සිට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සහාය පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...