ඔස්ට්‍රේලියානු ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ඉවත් වෙයි

Date:

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජස්ටින් ලැන්ගර් සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු ධූරයෙන් ඉවත්ව ඇති අතර, ඔහුගේ ඉල්ලා අස් වීමේ ලිපිය තමන් පිළිගත් බවයි එරට ක්‍රිකට් ආයතනය අද(5) නිවේදනය කළේ.

“ජස්ටින් හට ඔහුගේ වර්තමාන කොන්ත්‍රාත්තුවට කෙටි කාලීන දිගුවක් පිරිනමනු ලැබූවත්, කණගාටුදායක ලෙස ඔහු එය භාර නොගැනීමට තීරණය කර ඇත.” යනුවෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සදහන් කළා.

2018 වසරේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කෙරුණු 51 හැවිරිදි ජස්ටින් ලැන්ගර් හා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය අතර ඊයේ(4) පස්වරුවේ දී දීර්ඝ සාකච්ඡාවක් ද පවත්වා තිබූ බව සදහන්.

මේ අතර, මෙතෙක් කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස කටයුතු කළ ඇන්ඩෘෘ මැක්ඩොනල්ඩ් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සමග ආරම්භ වන තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 තරගාවලිය සදහා පුහුණුකරු ලෙස එක්වීමට නියමිතව තිබුණේ ද ඇන්ඩෘෘ මැක්ඩොනල්ඩ්.

ඒ, අදාළ තරගාවලියෙන් ජස්ටින් ලැන්ගර් විවේක ගැන්වීමට ගෙන තිබූ තීරණය හේතුවෙන්.

එංගලන්තය සමග නිමා වූ අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාලිය තරග 4-0ක් ලෙස ජය ගැනීමට ලැන්ගර්ගේ පුහුණුකාරීත්වය යටතේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වූ අතර, 2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලානය ද ඔස්ට්‍රේලියාව ජය ගත්තේ ඔහුගේ පුහුණුකාරීත්වය යටතේයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...