Watch : අක්සාර්ට කඩුලු ත්‍රිත්වයක් අහිමි කළ රෝහිත්ගේ දුර්වල පන්දු රැකීම

Date:

අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වෙන දෙවැනි තරගය අද(20) ඩුබායිහීදී ආරම්භ වුණා. ඒ, ඉන්දියාව හා බංග්ලාදේශය අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ. කෙසේ වෙතත්, බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුලු පහ ලකුණු 35 ක් තුළ බිද වැටුණා.

එහිදී කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීම සදහා ලද ආසන්න අවස්ථාවක් රෝහිත් ෂර්මාගේ දුර්වල පන්දු රැකීමක් හමුවේ අක්සාර් පටෙල්ට අහිමි වී යාම විශේෂත්වයක්.

බංග්ලාදේශ ඉනිමේ 9 වැනි පන්දුවාරයේ දෙවැනි හා තෙවැනි පන්දුවලදී අක්සාර් පටෙල් විසින් ටන්සිඩ් හසාන් ලකුණු 25කට හා මුෂ්ෆිකර් රහීම් ලකුණු බින්දුවකට දවා ගැනීමට සමත් වුණා.

අනතුරුව කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමේ අරමුණින් අක්සාර් පටෙල් විසින් යොමු කළ එම පන්දුවාරයේ සිව්වැනි පන්දුවට මුහුණ දුන්නේ ජේකර් අලී.

ඔහු එම පන්දුවේදී ස්ලිප්හි පන්දු රකිමින් සිටි නායක රෝහිත් ෂර්මා වෙත පහසු උඩ පන්දුවක් ලබා දුන් නමුත්, එය නිසි පරිදි රැක ගැනීමට ෂර්මාට නොහැකි වීම කැපී පෙනුණා.

දර්ශන කිහිපයක් පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...