දසුන් ශානකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් දඩ

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානකට එරෙහිව ඇමෙරිකානු ඩොලර් 10,000 ක (රුපියල් ලක්ෂ 29.6 ක් පමණ) දඩ මුදලක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ අත්සන් තබා ඇති ක්‍රීඩක ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කිරීම හේතුවෙන්.

කොළඹ පැවැති පළමු පෙළ තරඟයක් අවසන් වීමට පැය කිහිපයකට පෙර එම තරගයෙන් ඉවත්ව එදින පස්වරුවේදීම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති International League T20 (ILT20) තරගාවලියට ක්‍රීඩා කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා.

මේජර් ලීග් තෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ SSC කණ්ඩායම හා මුවර්ස් ක්‍රීඩා සමාජය අතර පැවැති තරගය සදහා ඔහු ජනවාරි 31 වැනිදා සිට ක්‍රීඩා කළ අතර, එම තරගයේ අවසන් දිනය වූයේ පෙබරවාරි දෙවැනිදායි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ ඔහුට සිදු වූ ආබාධයක් පිළිබද වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර දසුන් එම තරගය අතරතුරදී (පෙබරවාරි දෙවැනිදා) ඉන් ඉවත්ව ඇති බවයි. ඔහුට විවේක ගැනීමට අවශ්‍ය බවට එම වෛද්‍ය වාර්තාවල නිර්දේශ කර තිබූ බව සදහන්.

එවන් පසුබිමකයි ඔහු ඩුබායි නුවර බලා එදින පස්වරුවේදීම ගමන් කර Dubai Capitals හා Abu Dhabi Knight Riders කණ්ඩායම් අතර පැවැති තරගය සදහා ක්‍රීඩා කර තිබුණේ. ඩුබායි කණ්ඩායම නියෝජනය කළ දසුන් එම තරගයේදී පන්දු 12 කින් වේගවත් ලකුණු 34 ක් රැස් කළේ හයේ පහර 2ක් හා හතරේ පහර 4 ක් සමගින්.

මේජර් ලීග් තෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති SSC – මුවර්ස් තරගයේ දෙවැනි දිනය පෙබරවාරි 1 වැනිදා නිමා වන විට දසුන් SSC පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 39 ක් නොදැවී රැස් කර තිබුණා. තෙවැනි දිනයේදී තවත් ලකුණු 84 ක් වාර්තා කිරීමට ඔහු සමත් වුණා. ඒ අනුව පන්දු 87 කින් ශානක ලබා ගත් ලකුණු සංඛ්‍යාව 123 ක්. හයේ පහර 8 ක් හා හතරේ පහර 10 ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා.

ඔහුට එරෙහිව සිදු කෙරුණු පරීක්ෂණය අතරතුර දසුන් ශානක සිය වරද පිළිගෙන ඇති අතර, සිදුවූ අපහසුතාවයට කණගාටුව ද පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනය –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...