ෆකාර් සමාන් ශූරයින්ගේ කුසලානයෙන් ඉවතට

Date:

පාකිස්තාන ආරම්භක පිතිකරු ෆකාර් සමාන්ට මෙවර අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු තරගාවලිය ආරම්භ කරමින් ඊයේ(19) පැවැති නවසීලන්තයට එරෙහි තරගයේදී මුහුණ දුන් ආබාධය හේතුවෙන්.

ඒ අනුව ඔහු වෙනුවට ඉමාම් උල් හක් පාකිස්තාන සංචිතයට ආදේශ කිරීම සදහා පාකිස්තාන ක්‍රිකට් ආයතනය කළ ඉල්ලීමට තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා.

පළමු තරගයේ දෙවැනි පන්දුවේදී පන්දු රකිමින් සිටියදීයි ෆකාර් සමාන් මෙලෙස ආබාධයකට (oblique injury) ලක් වුණේ.

අනතුරුව ඔහුට මූලික වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් නමුත්, ඔහුට පැය දෙකකට වැඩි කාලයක් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වුණා.

ඒ හේතුවෙන් ඔහුට පාකිස්තාන ඉනිම ආරම්භ කිරීමට ද නොහැකි වූ අතර, ෆකාර් සමාන් අංක 4 පිතිකරු ලෙසයි පාකිස්තාන ඉනිමේදී පන්දුවට පහරදුන්නේ. ඔහු එම ඉනිමේදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 24(41) ක්.

Pakistan’s updated squad: Mohammad Rizwan (c), Babar Azam, Imam-ul-Haq, Kamran Ghulam, Saud Shakeel, Tayyab Tahir, Faheem Ashraf, Khushdil Shah, Salman Ali Agha, Usman Khan, Abrar Ahmed, Haris Rauf, Mohammad Hasnain, Naseem Shah, Shaheen Shah Afridi.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...