Watch : බිනුරගේ සුපිරි පන්දුවක් සයිෆර්ට්ගේ කඩුල්ල සොයා ගිය හැටි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් ගෝල් ටයිටන්ස් කණ්ඩාමේ පළමු කඩුල්ල දවා ගැනීමට දඹුල්ල අවුරා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු අද(11) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී අද රාත්‍රියේ ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ දඹුල්ල කණ්ඩායම තරගයේ පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ගෝල් ටයිටන්ස් කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව ගාලු ඉනිම ආරම්භ කළේ ශෙවෝන් ඩැනියල් සමගින් ටිම් සයිෆර්ට්.

පසුගිය තරගවලදී ගාලු ඉනිම ආරම්භ කළ ලසිත් කෘෘස්පුල්ලේට ආබාධයක් හේතුවෙන් මෙම තරගය අහිමි වී ඇති බැවිනුයි සයිෆර්ට් මෙම තරගයේ දී ඉනිම ආරම්භ කළේ.

කෙසේ වෙතත්, සයිෆර්ට් ලබා ගත්තේ ලකුණු 15 ක් පමණයි. පන්දු 12 කින් වාර්තා වූ ඔහුගේ ඉනිම නිමා කළේ බිනුර ප්‍රනාන්දු විසින්.

ඔහු යොමු කළ වේගය අඩාල කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් සයිෆර්ට් දැවී ගියා. (දර්ශන පහතින්)

ගාලු කණ්ඩායමේ භානුක රාජපක්ෂ ද මෙම තරගයෙන් විවේක ගන්වා ඇති අතර, ටබ්රයිස් ශම්සි ද කණ්ඩායමෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඔවුන් වෙනුවට කණ්ඩායමට කැදවා ඇත්තේ චැඩ් බවුස්, සොහාන් ද ලිවේරා හා ලහිරු කුමාරයි.

මෙම තරගය සදහා දඹුල්ල කණ්ඩායමෙන් ද වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා. ඒ අනුව ජනිත් ලියනගේ හා ඇලෙක්ස් රෝස් කණ්ඩායමෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඔවුන් වෙනුවට කණ්ඩායමට කැදවා ඇත්තේ බෙන් මැක්ඩමර්ට් හා දුෂාන් හේමන්තයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...