පන්දු යවන්නන්ගේ දක්ෂතා හා අවිශ්කගේ 70* දඹුල්ලට ජය ගෙනෙයි

Date:

පන්දු යවන්නන්ගේ දක්ෂතා හා අවිශ්ක ප්‍රනාන්දුගේ විශිෂ්ඨ ඉනිම හමුවේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වැනි තරගයෙන් ගෝල් ටයිටන්ස් කණ්ඩායම පරදා කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල අවුරා කණ්ඩායම අද(11) සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 134 ක ඉලක්කයක් හඹා ගිය දඹුල්ල කණ්ඩායම තරගය ජයග්‍රහනය කළේ ඉනිම නිමා වීමට පන්දු 14ක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් දැවී සිටියදීයි.

අවිශ්ක ප්‍රනාන්දු පන්දු 49 කින් නොදැවී ලකුණු 70 ක් වාර්තා කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. හයේ පහර 3ක් හා හතරේ පහර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

කුසල් මෙන්ඩිස් ලකුණු 18කටත්, සධීර සමරවික්‍රම ලකුණු 25 කටත් දැවී ගියා. කුසල් පෙරේරා ලකුණු 5යි. ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 6 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර කඩුලු 2 ක් හා ශකිබ් අල් හසාන් එක් කඩුල්ලක් බිද හෙලුවා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ දඹුල්ල පිලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ගාලු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 133 ක් රැස් කළේ කඩුලු 9 ක් දැවී සිටියදීයි.

දසුන් ශානක ලකුණු 36(26) ක්, චැඩ් බවුස් ලකුණු 22 ක් හා ටිම් සයිෆර්ඩ් ලකුණු 15 ක් රැස් කළා. ශකිබ් අල් හසාන් ලකුණු 13 යි. සොහාන් ද ලිවේරා ලකුණු 12 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී දුෂාන් හේමන්ත කඩුලු 2 ක් බිද හෙලූ අතර, බිනුර ප්‍රනාන්දු, හසන් අලී, ධනංජය ද සිල්වා, හෙයිඩන් කර් හා නූර් අහ්මඩ් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

මෙම ජයත් සමග මෙතෙක් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසු වූ දඹුල්ල පිල පළමු ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ද සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...