Instagram සටහනක් වෙනුවෙන් කෝලි අය කරන අලුත්ම මිල මෙන්න ; ලෝකෙන්ම 3 වෙයි

Date:

Instagram සමාජ මාධ්‍ය ජාලයේ සිය ගිණුමෙහි තබන එක් සටහනක් (post) වෙනුවෙන් වැඩිම මුදලක් අය කරන පුද්ගලයින් පිළිබද නවතම වාර්තාවක් Hopper HQ විසින් එළිදක්වා තිබෙනවා.

ඊට අනුව Instagram සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් වෙනුවෙන් වැඩිම මුදලක් අය කරනු ලබන ඉන්දීය පුද්ගලයා වන්නේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි.

Instagram සමාජ මාධ්‍ය ජාලය තුළ ඔහුට සිටින අනුගාමිකයින් සංඛ්‍යාව මිලියන 256 කට අධිකයි.

Instagram සටහනක් වෙනුවෙන් ලොව වැඩිම මිලක් අය කරන ක්‍රීඩකයින් අතර කෝලි තෙවැනි ස්ථානයේ රැදී සිටිනවා.

එක් සටහනක් වෙනුවෙන් ඔහු අය කරන මුදල ඉන්දීය රුපියල් කෝටි 11 ක්. (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 44 ක් පමණ)

එක් සටහනක් වෙනුවෙන් වැඩිම මිලක් අය කරන ක්‍රීඩකයින් අතර පළමු ස්ථානය පෘතුගාල පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට හිමිව ඇති අතර, දෙවැනි ස්ථානයේ පසුවන්නේ ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී.

රොනාල්ඩෝ ඉන්දීය රුපියල් කෝටි 26.75 ක මුදලක් ද, මෙසී ඉන්දීය රුපියල් කෝටි 21.49 ක මුදලක් ද එක් Instagram සටහනක් වෙනුවෙන් අය කරනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...