Watch : ඇට්කින්සන් ටෙස්ට් පිටියේ යැවූ දෙවැනි පන්දුවෙන්ම මංගල කඩුල්ල දවා ගත් හැටි

Date:

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ යොමු කළ දෙවැනි පන්දුවෙන්ම මංගල ටෙස්ට් කඩුල්ල දවා ගැනීමට එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ‌ගස් ඇට්කින්සන් අද(10) සමත් වුණා.

ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග අද ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දී යි.

එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොදෙව් කණ්ඩායමේ පළමු කඩුලු දෙකම දවා ගත්තේ ඇට්කින්සන් විසිනුයි.

ඔහුගේ පන්දුවක් හමුවේ ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් ලකුණු හයකට දැවී ගිය අතර, අනතුරුව Kirk McKenzie එක් ලකුණක් ලබා සිටියදී දැවී ගියා.

ඇට්කින්සන් යොමු කළ පළමු පන්දුවාර පහ තුළ දී නිලකුණු පන්දුවාර 4 ක් සමග ඔහු කඩුලු දෙකක් දවා ගත්තේ ලකුණු දෙකක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

ඔහු දවා ගත් මංගල ටෙස්ට් කඩුල්ල පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...