Watch : ඇන්ඩර්සන්ගේ අවසන් ටෙස්ට් තරගයේ දී සීනුව නාද කළ අමුත්තන් දෙදෙනා

Date:

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ විශිෂ්ඨතම වේග පන්දු යවන්‌නෙකු වන ජේම්ස් ඇන්ඩර්සන් අද(10) සිය අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීම වෙනුවෙන් ‌ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගනයට පිවිසුණා.

ඔහුගේ අවසන් ටෙස්ට් තරගයේ දී ප්‍රතිවාදීන් වන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්තය සමත් වූ අතර, ඒ අනුව නායක බෙන් ස්ටොක්ස් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව කොදෙව්වන්ට ලබා දීමටයි.

තරගයක් ආරම්භ වීමට පෙර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී සාම්ප්‍රදායිකව සිදු කරන සීනුව නාද කිරීම අද දිනයේ දී ද සිදු කෙරුණු අතර, විශේෂත්වය වූයේ අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩා කරන ජේම්ස් ඇන්ඩර්සන්ගේ පවුලේ සාමාජිකයින් එම අවස්ථාවට එක්වීමයි.

ඒ අනුව සීනුව නාද කිරීම සිදු කරනු ලැබුවේ ඇන්ඩර්සන්ගේ දියණියන් දෙදෙනා වන Lola හා Ruby විසිනුයි.

එම අවස්ථාවට ඔහුගේ දෙමව්පියන් වන Michael හා Catherine මෙන්ම බිරිද වන Daniella ද එක්ව සිටියා.

එහි දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...