Watch : LPL තරගාවලියේ දැවැන්තම හයේ පහර ගුර්බාස්ගේ පිත්තෙන්

Date:

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දිගම හයේ පහර එල්ල කිරීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු රහ්මනුල්ලාහ් ගුර්බාස් අද(10) සමත් වුණා.

ඒ, තරගාවලියේ 13 වැනි තරගයේ දී ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිවයි.

දඹුල්ලේ දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව කොළඹ කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළ ගුර්බාස් හා ඇන්ජෙලෝ පෙරේරා පළමු පන්දුවාරයේ දී ප්‍රමෝද් මදුෂාන්ට එරෙහිව ලකුණු 20 ක් වාර්තා කිරීම කැපී පෙනුණා.

එම පන්දුවාරයේ පළමුවැනි, තෙවැනි හා 6 වැනි පන්දුවලට ගුර්බාස් විසින් දැවැන්ත හයේ පහරවල් එල්ල කිරීමට සමත් වීම ද විශේෂත්වයක්.

අවසන් පන්දුවට ඔහු එල්ල කළ හයේ පහරේ දිග සටහන් වූයේ මීටර් 108 ක් ලෙසයි. එය මෙවර තරගාවලියේ දී මෙතෙක් පිතිකරුවෙකු එල්ල කළ දැවැන්තම හයේ පහරයි.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...