කෝලිට යළිත් උඩ පන්දුවක් ගිලිහී යන අතරතුර මැතිව් වේඩ් කඩුල්ල පූජා කළ හැටි

Date:

ඉන්දියාවට එරෙහි දෙවන විස්සයි විස්ස තරගයේදී ඉතාමත් අවාසනාවන්ත හා නොසැළිකිලිමත් දැවීයාමකට ගොදුරු වීමට ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නායක මැතිව් වේඩ්ට සිදුවුණා.

පළමු 20යි 20 තරගයේ දී නිත්‍ය නායක ආරෝන් ෆින්ච් ආබාධයක ලක්වීම හේතුවෙනුයි අද තරගයේදී කණ්ඩායම මෙහෙය වීමේ වගකීම කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඩ්ට හිමිවුණේ.

ඒ අනුව ඔස්ට්‍රේලියානු ඉනිම ආරම්භ කළ මැතිව් වේඩ් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ සිය දෙවන අර්ධ ශතකය වාර්තා කරමින් මෙම තරගයේ දී රැස් කළ ලකුණු සංඛ්‍යාව 58 ක්.

පන්දු 32කින් වාර්තා වූ එම ඉනිමට එක් හයේ පහරක් හා හතරේ පහරවල් 10 ක් ඇතුළත්.

ඔහු දැවී ගියේ ඉතා අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට ගොදුරු වීමෙන්.

ඔහු දැවී ගිය පන්දුවේ විශේෂත්වය වූයේ විරාට් කෝලිට මැතිව් වේඩ් ලබා දුන් ඉතා පහසු උඩ පන්දුවක් ගිලිහී ගිය පසුබිමක ඔහු දුවද්දී දැවී යාමට ගොදුරු වීමයි. (දර්ශන පහතින්)

උඩ පන්දුව ගිලිහී යන අවස්ථාව වන විට මැතිව් වේඩ් සහ ස්ටීවන් ස්මිත් ලකුණක් කරා පැති මාරු කර ගැනීමේ අපේක්ෂාවෙන් තණතීරුව මැද ප්‍රදේශයටම ද දිවවිත් සිටි නමුත්, උඩ පන්දුව ගිලිහී යනු ඇතැයි ඔවුන් දෙදෙනාම විශ්වාසයක් තබා තිබුණේ.

එබැවින් උඩ පන්දුව ගිලිහී යාමත් සමග පිතිකරුවන් දෙදෙනාට දිව යා යුත්තේ කුමන ප්‍රදේශයටදැයි එක් වරම ගැටලුවක් ඇති වූ අතර, ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් විරාට් කෝලි පන්දුව කඩුලු රකින්නා වෙත ලබා දුන්නා.

ඒ අනුව කේ.එල් රාහුල් විින් ඉතා පහසුවෙන් කඩුල්ල බිද දැමීමත් සමග මැතිව් වේඩ්ට යළි ක්‍රීඩාගාරය වෙත යාමටයි සිදු වුණේ.

නිමා වූ පළමු 20යි 20 තරගයේ දී ද විරාට් කෝලි අතින් උඩ පන්දුවක් ගිලිහී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...