වාර්තගත හඹා යාමක් සමගින් 20යි 20 තරගාවලියේ ජය ඉන්දියාවට

Date:

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඒ, දෙරට අතර අද(6) පැවැති දෙවැනි 20යි 20 තරගයෙන් ඉන්දියාව කඩුලු 6ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමත් සමගයි.

සිඩ්නි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක විරාට් කෝලිගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 5ක් දැවී ලකුණු 194ක් ලබා ගත්තා.

පළමු 20යි 20 තරගයේ දී ඔස්ට්‍රේලියානු නිත්‍ය නායක ආරෝන් ෆින්ච් ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙම තරගයේදී කණ්ඩායම මෙහෙය වීමේ වගකීම කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඩ්ට හිමිවුණා.

ඒ අනුව නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ඔහු පන්දු 32කින් වේගවත් ලකුණු 58 ක් රැස් කළේ එක් හයේ පහරක් හා හතරේ පහරවල් 10 ක් සමගින්.

ALSO READ : කෝලිට යළිත් උඩ පන්දුවක් ගිලිහී යන අතරතුර මැතිව් වේඩ් කඩුල්ල පූජා කළ හැටි

ස්ටීවන් ස්මිත් ලකුණු 46යි.

පන්දු යැවීමේ දී ටී.නටරාජන් කඩුලු 2ක් බිද හෙලූ අතර, ශර්දුල් තාකූර් සහ යුස්වේන්ද්‍ර චහෙල් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව ඉනිම නිමා වීමට පන්දු දෙකක් ඉතිරිව තිබියදි ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 4ක් දැවී සිටියදීයි.

ශිකර් දවාන් ලකුණු 52ක් සහ කේ.එල් රාහුල් ලකුණු 30ක් ලබා ගනිමින් ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නා.

නායක විරාට් කෝලි ලකුණු 40(24)යි.

තරගයේ ජයග්‍රහනය ඉන්දියාවට තහවුරු කර දුන් හර්ඩික් පාන්ඩ්යා පන්දු 22කින් වේගවත් ලකුණු 42ක් ලබා ගත්තේ 6 පහර 2ක් හ හතරේ පහර 3ක් සමගින්.

පන්දු යැවීමේ දී සිය මංගල ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ ඩැනියල් සෑම්ස් ලකුණු 41කට එක් කඩුල්ලක් බිද හෙලූ අතර, ඇන්ඩෘ ටයි, මිචෙල් ස්වෙප්සන් සහ ඇඩම් සම්පා ද කඩුල්ල බැගින් බිද හෙලුවා.

තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ හර්ඩික් පාන්ඩ්යා.

මෙය ඔස්ට්‍රේලියාවේ දී කණ්ඩායමක් ජාත්‍යන්තර 20යි 20 තරගයක් හඹා ගොස් ජයගත් දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

එරටදී 20යි 20 තරගයකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹා ගොස් තරගයක් ජය ගෙන ඇත්තේ ද ඉන්දියාව වීම විශේෂත්වයක්. (198 Ind vs Aus SCG 2016)

එහි තෙවැනි සහ සිව්වන ස්ථාන ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා. (174 SL vs Aus – 2017, 169 SL vs Aus – 2017)

ඉන්දියාව 2019 වසරේ පෙබරවාරි මාසයෙන් පසුව මෙතෙක් සිය රටින් පිටතදී කිසිදු 20යි 20 තරගයක් පරාජයට පත්ව නොමැති අතර, අවසන් වරට ක්‍රීඩා කළ 20යි 20 තරග 10 ම ඉන්දියාව මේ වන විට ජය ගෙන තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...