ලංකා T10 සුපර් ලීගයේ දින තීන්දු වෙයි

Date:

යෝජනා වී තිබූ පන්දුවාර 10යි 10 ලීග් ක්‍රිකට් තරගාවලිය සංවිධාන කිරීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව තරගාවලිය එළඹෙන එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයෙන් පසුව පැවැත්වීමට නියමිතයි.

පෙබරවාරි පළමු වැනිදා සිට 15 වනදා දක්වා තරගාවලිය පැවැත්වීමට නියමිත අතර, එය “ලංකා T10 සුපර් ලීග්” (Lanka T10 Super League) යනුවෙන් නම් කර තිබෙනවා.

තරගාවලිය සදහා කණ්ඩායම් 8ක් (franchises) එක්වන බවත්, එක් සංචිතයකට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් විය යුතු බවත්, සදහන්.

එක් සංචිතයකට ඇතුළත් කළ හැකි උපරිම විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව 6ක්.

සහාය කාර්යය මණ්ඩලය සදහා සාමාජිකයින් 10 දෙනෙකු ඇතුළත් විය යුතු අතර, ඒ සදහා විදෙස් පුහුණුකරුවන් දෙදෙනෙකු ද සිටිය යුතුයි.

තරග 17ක් හෝ තරග 29ක් තරගාවලියට ඇතුළත් විය හැකි බව සදහන්.

දින 11කදී තරග පැවැත්වෙන අතර, අවසන් පූර්ව තරග දෙකක් පවත්වා අවසන් තරගය පැවැත්වීමට නියමිතයි.

සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස සහ මහනුවර පල්ලේකැලේ යන ක්‍රීඩාංගනවලදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...