Update : අවසන් තරගයට සුදුසුකම් ලබන්න රාජස්ථානයට ලකුණු 158ක ඉලක්කයක්

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ (Playoffs) තෙවැනි තරගය (Qualifier 2) මේ වන විට අහ්මදාබාද් හී දී පැවැත්වෙනවා.

ඒ, රාජස්ථාන් රෝයල් කණ්ඩායම හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 157ක් ලබා ගත්තා.

රාජත් පටිදාර් ලකුණු 58ක් රැස් කළේ පන්දු 42කින්.

නායක ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 25ක් ද, ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 24ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී ප්‍රසිද් ක්‍රිෂ්නා හා ඔබෙඩ් මැකෝයි කඩුලු 3 බැගින් බිද හෙලුවා.

වනිදු හසරංගට මෙම තරගයේ දී ලකුණු රැස් කිරීමට හැකි වූයේ නැහැ.

ඔහු පළමු පන්දුවෙන්ම දැවී ගියේ ප්‍රසිද් ක්‍රිෂ්නාගේ යෝකර් පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

ඒ අනුව මෙම තරගය ජය ගනිමින් අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ලකුණු 158ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...