Watch : සැම්සන් යළිත් වනිදුට ගොදුරු වෙයි ; කඩුලුලාභීන් අතරත් යළි පෙරමුණ වනිදුට

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ යළි හිමි කර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග අද(27) සමත් වුණා.

ඒ, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව අද රාත්‍රියේ දී ආරම්භ වූ මෙවර තරග වාරයේ අවසන් වටයේ තෙවැනි තරගයේ දී යි.

තරගයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 157ක් ලබා ගත්තා.

රාජස්ථාන් කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී නායක සංජු සැම්සන්ගේ කඩුල්ල දවා ගැනීමට වනිදු හසරංග සමත් වුණා.

දැවී යන විට සංජු රැස් කර තිබූ ලකුණු සංඛ්‍යාව 23(21)ක්.

ස්ටම්ප් කිරීමට හසු වීමෙනුයි සංජුට සිය කඩුල්ල අහිමි වුණේ.

මේ වන විට වනිදු මෙවර තරගාවලියේ දී තරග 16 කට ක්‍රීඩා කර බිද හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 26ක්.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ යුස්වේන්ද්‍ර චෙහල් ද තරඟ 16කදී කඩුලු 26ක් බිඳ හෙළා තිබෙනවා.

කෙසේ වෙතත්, වනිදු හසරංග පන්දු වාරයකට ලබා දී ඇති දළ ලකුණු ප්‍රමාණය පහළ අගයක් ගැනීම හේතුවෙන් ඔහු වැඩිම කඩුලු ලාභින් අතර පෙරමුණට පත්ව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...