ක්‍රීඩා සමාජවලට ලබා දෙන තරගාවලි දීමනා මිලියන 2.5කින් ඉහළට

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කරනු ලබන ප්‍රධාන ක්‍රීඩා සමාජ තරඟාවලිය සඳහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් ප්‍රධාන ක්‍රීඩා සමාජ සඳහා ලබා දෙන වාර්ෂික තරඟාවලි දීමනාව ඉහළ දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එක් ක්‍රීඩා සමාජයක් සදහා ලබා දෙන දීමනාව මෙම වසරේ සිට රුපියල් මිලියන 2.5කින් ඉහළ නැංවීමටයි ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ.

මෙලෙස දීමනා ඉහළ නැංවීමට ගත් තීරණයත් සමග ක්‍රීඩා සමාජයක් සදහා ලැබෙන වාර්ෂික දීමනාව රුපියල් මිලියන 27.5 ක් දක්වා ඉහළ යනු ඇති.

රට තුළ පවතින වත්මන් ආර්ථික වාතාවරණය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගැනීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර ඇත්තේ.

ඒ අනුව මෙම වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරගාවලි දීමනා ලෙස රුපියල් මිලියන 715 ක මුදලක් ආයෝජනය කිරීමට නියමිතයි.

මේ අතර, තම ක්‍රීඩා සමාජය සතුව ක්‍රීඩාංගණයක් ඇති ප්‍රධාන සමාජ 09කට රුපියල් මිලියන 5 බැගින් ලබාදීමට ද ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඔවුන්ගේ ක්‍රීඩාංගන හා යටිතල පහසුකම් නඩත්තු කිරීමට සහ වැඩිදියුණු කිරීමට මෙම දීමනාව ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...