U19 CWC : ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 119 ක අන්ත පරාජයක්

Date:

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන 2024 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 35 වැනි තරගයෙන් දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 119 ක දැවැන්ත පරාජයක් අත්විදීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට අද(2) සිදු වුණා.

Potchefstroom හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා යොවුන් පිල නියමිත පන්දුවාර 50 අවසන් කළේ කඩුලු 8ක් දැවී ලකුණු 232 ක් රැස් කරමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට පන්දුවාර 23.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 113 ක් පමණයි.

ශරුජන් ශන්මුගනාදන් ලකුණු 29 ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී Kwena Maphaka ලකුණු 21 කට කඩුලු 6ක් දවා ගත්තා. Riley Norton කඩුලු 4ක් දවා ගත්තේ ලකුණු 28 ක් ලබා දෙමින්.

පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව වෙනුවෙන් Lhuan-dre Pretorius ලකුණු 71 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී විශ්ව ලහිරු, මල්ෂ තරුපති හා සුපුන් වඩුගේ කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මෙම ජයත් සමග තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ද දකුණු අප්‍රිකා යොවුන් කණ්ඩායම සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...