එක්දින හා T20 තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අලෙවිය ඇරඹෙයි – මිල ගණන් මෙන්න

Date:

ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වීමට නියමිත එක්දින හා 20යි 20 ක්‍රිකට් තරගාවලි නැරඹීම සදහා ප්‍රේක්ෂකයින්ට ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව මේ වන විට ලබා දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවිය හරහා (www.srilankacricket.lk) ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

එක්දින තරගාවලියේ සියලු තරග මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර, පෙබරවාරි 09, 11 හා 14 යන දිනවලදී එම එක්දින තරග 3 පැවැත්වීමට නියමිතයි.

20යි 20 තරගාවලිය පෙබරවාරි 17, 19 හා 21 යන දිනවලදී දඹුල්ල ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කොළඹ විද්‍යා මාවතේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් හා පල්ලේකැලේ ක්‍රීඩාංගනයෙන් පෙබරවාරි 7 වැනිදා සිට ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකියි.

ඊට අමතරව දඹුල්ල ක්‍රීඩාංගනයෙන් ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි වන්නේ පෙබරවාරි 15 වැනිදා සිටයි.

ප්‍රවේශ පත්‍ර මිල ගණන් –

SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...