Xavier ගේ කඩුලු 4 හා ඉන්ග්ලිස්, ස්මිත්, ග්‍රීන්ගේ අර්ධ ශතක ඔස්ට්‍රේලියාවට ජය ගෙනෙයි

Date:

අද(2) දිනයේ දී එක්දින ජාත්‍යන්තර වරම් දිනූ Xavier Bartlett ගේ සුපිරි පන්දු යැවීම හා ජොෂ් ඉන්ග්ලිස්, නායක ස්ටීවන් ස්මිත් හා කැමරන් ග්‍රීන්ගේ අර්ධ ශතක හමුවේ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු අටක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

මෙල්බර්න් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් පන්දුවාර 48.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 231 ක් රැස් කළා.

කේසි කාර්ති ලකුණු 88 (108) ක් ලබා ගත් අතර, රොස්ටන් චේස් ලකුණු 59(67) ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Xavier Bartlett ලකුණු 17 කට කඩුලු 4ක් දවා ගනිමින් සිය ජාත්‍යන්තර එක්දින තරග දිවියට විශිෂ්ඨ ආරම්භයක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 38.3 ක් අවසානයේ කඩුලු දෙකක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ආරම්භක පිතිකරුවෙකු වූ ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 65 ක් ලබා ගත්තේ පන්දු 43 කින්. අංක 3 පිතිකරු වූ කැමරන් ග්‍රීන් නොදැවී ලකුණු 77(104) ක් හා ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 79(79) ක් ලබා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...