U19 CWC : ශ්‍රී ලංකාව අද තරග බිමට ; දෙවැනි දිනයේ දී ඉන්දියාව, එංගලන්තය හා පාකිස්තානයට ජය

Date:

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය අද(21) පැවැත්වෙනවා.

සිම්බාබ්වේ යොවුන් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30 ට Kimberley හී දී ආරම්භ වීමට නියමිතයි.

මේ අතර, තරගාවලියේ තවත් තරග 3ක් ඊයේ පැවැති අතර එම තරගවලින් ජය වාර්තා කිරීමට ඉන්දියාව, එංගලන්තය හා පාකිස්තානය සමත් වුණා.

ඔවුන් හමුවේ පිළිවෙලින් පරාජයට පත් වූයේ බංග්ලාදේශය, ස්කොට්ලන්තය හා ඇෆ්ඝනිස්තානයයි.

Bloemfontein හි පැවැති තරගාවලියේ තෙවැනි තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 7ක් දැවී ලකුණු 251 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 50 අවසන් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 45.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 167 ක් පමණයි. ඒ අනුව ඉන්දියාව මෙම තරගයෙන් ජය වාර්තා කළේ ලකුණු 84 කින්.

තරගාවලියේ සිව්වැනි තරගය Potchefstroom හී දී පැවැත්වුණා. එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත යොවුන් පිල පන්දුවාර 49.2 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 174 ක්. එංගලන්ත යොවුන් කණ්ඩායම පිළිතුරු ඉනිමේ දී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියේ පන්දුවාර 26.2 ක් අවසානයේ කඩුලු 3ක් දැවී සිටියදීයි. ඒ අනුව එංගලන්තයට මෙම තරගයෙන් කඩුලු 7ක ජයක් හිමි වුණා.

East London හි පැවැති 5 වැනි තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 9ක් දැවී ලකුණු 284 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස ඇෆ්ඝනිස්තානය පන්දුවාර 26.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 103 ක් පමණයි. ඒ අනුව පාකිස්තානය මෙම තරගයෙන් ලකුණු 181 ක ජයක් වාර්තා කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...