එංගලන්ත ප්‍රබල ක්‍රීඩකයෙකුට ඉන්දීය සංචාරය අවාසනාවන්ත ලෙස අහිමි වෙයි

Date:

පෞද්ගලික හේතුවක් මත එළඹෙන ඉන්දීය තරග සංචාරයෙන් ඉවත් වීමට එංගලන්ත පිතිකරු හැරී බෘෘක් තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔහු යළි එංගලන්තය බලා පිටත්ව යාමට නියමිත අතර, බෘෘක් වෙනුවට ඩෑන් ලෝරන්ස් සංචිතයට ආදේශ කිරීමටයි එංගලන්ත ක්‍රිකට් බළධාරීන් පියවර ගෙන ඇත්තේ.

එංගලන්ත කණ්ඩායම ඉරිදා දිනයේ දී අබුඩාබි සිට හයිදරාබාද් වෙත ළගා වීමට නියමිතව තිබෙනවා. දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ එළඹෙන බ්‍රහස්පතින්දා දිනයේ දීයි.

තරගාවලියෙන්ම මේ වන විට බෘෘක් ඉවත්ව ඇතත්, ඇතැම් විට ඔහු තරග සංචාරය අවසන් වීමට පෙර එංගලන්ත සංචිතය සමග යළි එක්වීමට ඉඩ ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉන්දු-එංගලන්ත ටෙස්ට් තරගාවලියට තරග 5 ක් ඇතුළත් අතර, එංගලන්තය මෙම සංචාරයේ නිරත වන්නේ දශකයකටත් වැඩි කාලයක් පුරා ඉන්දියාව සිය රටේ දී කිසිදු ටෙස්ට් තරගාවලියක් පරාජයට පත් නොවී තබා ඇති වාර්තාව බිද දැමීමේ අරමුණින්.

එවැනි පසුබිමක බෘෘක්ට මෙම තරගාවලිය අහිමි වීම එංගලන්තයට දැඩි පාඩුවක් වන බව නොරහසක්.

හැරී බෘෘක් 2022 වසරේ දී ටෙස්ට් වරම් දිනා ගැනීමෙන් පසු මේ දක්වා තරග 12 කදී ලකුණු 1181 ක් රැස් කර ඇත්තේ ඉනිමක සාමාන්‍ය ලකුණු 62.15 ක් ලෙස සටහන් කර ගනිමින්.

ප්‍රහාරාත්මක වේගය සටහන්ව ඇත්තේ 91.76 ක් ලෙසයි. ශතක 4 ක් හා අර්ධ ශතක 7ක් ඔහුගේ කෙටි ටෙස්ට් දිවියට ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...