BPL පළමු අදියරේ ඉතිරි තරග අහිමි වූ ශකිබ් සිංගප්පූරු යයි

Date:

Rangpur Riders කණ්ඩායමේ ශකිබ් අල් හසාන්ට මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඩකා හී දී පැවැත්වෙන පළමු අදියරේ ඉතිරි තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු අක්ෂි පරීක්ෂාවක් සදහා සිංගප්පූරුව බලා අද(21) දිනයේ දී පිටත්ව යන බැවින්.

කෙසේ වෙතත්, සිල්හෙට් හී දී පැවැත්වෙන තරග වෙනුවෙන් ඔහුට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවටයි එම කණ්ඩායමේ හිමිකාරීත්වය අපේක්ෂාවෙන් පසුවන්නේ.

නමුත්, ඔහුගේ අක්ෂි රෝගී තත්ත්වය සුව වුවහොත් පමණක් ඔහු එම තරග සදහා ක්‍රීඩා කරනු ඇති.

මෙවර BPL තරගාවලියේ දී Fortune Barisal කණ්ඩායමට එරෙහිව Riders කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගයේ දී ශකිබ් රැස් කළේ ලකුණු දෙකක් පමණයි.

කෙසේ වෙතත්, පන්දු යැවීමේ දී ඔහු ලකුණු 16 කට කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුණා.

පසුගිය වසරේ පැවැති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද ශකිබ් අල් හසාන් ක්‍රීඩා කර තිබුණේ මෙම අක්ෂි රෝගී තත්ත්වය සමගයි.

මෑතකදී ඔහු අක්ෂි පරීක්ෂාවක් සදහා ලන්ඩන් නුවර වෙත ද පිටත්ව ගොස් තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...