නවසීලන්තය 92 කට දවා ගනිමින් පාකිස්තානය පූර්ණ තරගාවලි පරාජයකින් ගැළවෙයි

Date:

නවසීලන්ත කණ්ඩායම ලකුණු 92 කට දවා ගනිමින් දෙරට අතර පැවැති 5 වැනි හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 42 ක ජයක් වාර්තා කිරීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම අද(21) සමත් වුණා.

ඒ අනුව දෙරට අතර පැවැති 20යි 20 තරගාවලිය පූර්ණ ලෙස පරාජයට පත් වීමේ අවධානමෙන් ගැළවීමට පාකිස්තානය සමත් වූ අතර, තරගාවලිය තරග 4-1 ක් ලෙස ජය ගත්තේ නවසීලන්තයයි.

ක්‍රයිස්චර්ච්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 134 ක් ලබා ගත්තා.

මොහමඩ් රිස්වාන් ලකුණු 38(38) ක් හා ෆකාර් සමාන් ලකුණු 33(16) ක් රැස් කළා. පන්දු යැවීමේ දී ටිම් සවුති, මැට් හෙන්රි, ලොකී ෆර්ගසන් හා ඉෂ් සෝදි කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයේ සියලු දෙනා ලකුණු 92 කට දැවී ගියේ පන්දුවාර 17.2 ක් අවසානයේ දී යි.

ග්ලේන් පිලිප්ස් ලකුණු 26(22) ක් හා ෆින් ඇලන් ලකුණු 22(19) ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී ඉෆ්ටිකාර් අහ්මඩ් ලකුණු 24 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ශහීන් ශාහ් අෆ්රිඩි හා මොහමඩ් නවාස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...