ජඩේජා සහ පාන්ට් රෝහල් ගත කෙරේ

Date:

ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් සහ තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වන අද දිනයේ දී සිදු වූ අනතුරු දෙකක් හේතුවෙන්.

ඔවුන් වෛද්‍ය පරීක්ෂණයක් සදහා මෙලෙස රෝහල් ගත කෙරුණු බව සදහන්.

ක්‍රීඩකයින් දෙදෙනාම ඉන්දීය පළමු ඉනිමේ පන්දුවට පහර දෙමින් සිටියදී පන්දුව අතක වැදීමෙන් මෙම අනතුරුවලට මුහුණ දුන්නා.

රිෂාබ් පාන්ට්ගේ වම් වැළමිට ප්‍රදේශයේ පන්දුව වැදීමෙන් ආබාධ තත්ත්වය හට ගත් අතර, රවීන්ද්‍ර ජඩේජාගේ වම් මාපටැගිල්ලෙහි පන්දුව වැදීමෙන් මෙම ආබාධය සිදු වුණා.

මේ වන විටත් කේ.එල්. රාහුල්, මොහොමඩ් ෂාමි සහ උමේෂ් යාදෙව් යන ක්‍රීඩකයින් ද ආබාධවලට ලක්වීම හේතුවෙන් යළි ඉන්දියාව වෙත පිටව ගොස් සිටිනවා.

නිරෝධායන නීති රීති හේතුවෙන් ක්‍රීඩකයින් සංචිතයට ආදේශ කිරීමේ අවස්ථාව ද ඉන්දියාවට අහිමි වී ඇති බැවින් ඔවුන් මේ වන විට අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...